fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිවරිය අතර හමුවක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 21, 2023 11:18

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිවරිය අතර හමුවක්

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් ජනතාව අතර සහ පාර්ලිමේන්තුව තුළ පුළුල් අදහස් හුවමාරුවක් අවශ්‍ය බව ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසනවා.

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිවරිය අතර හමුවක් ඊයේ පැවැත්වුණා.

හමුවෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි චන්ග් මහත්මිය මේ බව ප්‍රකාශ කර තිබුණේ.

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් අදහස් ප්‍රකාශ කිරීමේ හෝ රැස්වීමේ නිදහස සීමා නොකර සිවිල් සමාජය මෙන්ම සියලු දෙනාගේ හඩට ඇහුන්කම් දී මෙම නව නීතිය ත්‍රස්තවාදයට එරෙහි සටනට ඵලදායීව යොදා ගත යුතු බවයි ඒ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ.

දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත ගෙන ඒමෙන් රජය අපේක්ෂා කරන්නේ පොදු ජනතාවගේ සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම බව විජයදාස රාජපක්ෂ මහතා මෙහිදි පෙන්වා දුන්නා.

නව පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟ මානව හිමිකම් කඩවීමට ඇති අවස්ථාවන් අවහිර වන බව ද ඒ මහතා කියා සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 21, 2023 11:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්