ඉලොන් මස්ක්ට අයත් රොකට්ටුවක් මංගල ගමනේදීම පුපුරා යයි
Related Articles
ලොව ප්‍රමුඛ පෙළේ ධනවතෙකු වන ඉලොන් මස්ක්ගේ සමාගමකට අයත් නවතම රොකට්ටුවක් මංගල ගමනේදීම පුපුරා ගියා.
ටෙක්සාස් ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළ තීරය ආසන්න ප්‍රදේශයකදී මෙම රොකට්ටුව සිය මංගල ගමන ආරම්භ කරන අවස්ථාවේදී මෙසේ පුපුරා ගොස් තිබෙනවා.
කාර්ය මණ්ඩලයේ කිසිවෙකුගෙන් තොරවයි මෙය ගුවන් ගත කිරීමට පියවර ගෙන ඇත්තේ.
සිද්ධියෙන් රොකට්ටුවට විනාශ වුවද පුද්ගලයන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.
එය ගුවන්ගත කර විනාඩි 3කට පමණ පසු පාලනයෙන් මිදී ගොස් මෙසේ විනාශ වී තිබෙනවා.