fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට කැඳවයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 21, 2023 07:44

06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට කැඳවයි

2022 වර්ෂයේ පැවැත්වූ 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත ව සිදු කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

2023.04.20 දින දහවල් 12.00 සිට මැයි මස 08 දින රාත්‍රී 12.00 දක්වා එම අභියාචනා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා කාලය වෙන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

https://g6application.moe.gov.lk/#/ යන වේබ් අඩවිය වෙත පිවිසීමෙන් මාර්ගගත අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියි.

එහි දී පාසල් ඉල්ලුම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lkවෙබ් අඩවියට පිවිසීම මඟින් ලබා ගත හැකියි.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 21, 2023 07:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්