fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සහාය

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2023 12:16

රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සහාය

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සහාය ලබා දීමට එකගත්වය හිමි වේ.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් පත්කල ස්ථාවරකරණ කමිටුව පිළිබදව කරුණු පැහැදිලි කිරීමට වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ (19) දින ඩුබායි හි පිහිටි ආසියානු රග්බි මූලස්ථානයේ දී එහි සභාපති කයිස් අල් දලායි මහතා (Mr.Qais Al Dhalai) හමුවිය.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය පසුගිය වසර ගණනාව පුරාම ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු නොකිරීම, ශ්‍රී ලංකාවේ මූලික නීති කඩකිරීම් යන කරුණු ඇතුලත්ව සිදු කරන ලද ක්‍රියාවන් ගණනාවක් හේතුවෙන් ක්‍රීඩා පනතේ ඇති වගන්ති ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත් වීම හැර වෙනත් විකල්පයක් නොතිබුණු බව පැහැදිළි කළ අමාත්‍යවරයා, එම තත්ත්වය මගහරවා ගැනීමට ගත යුතු පියවරක් ලෙස ස්ථාවරකරණ කමිටුවක් පත් කළ බවත්, අගෝස්තු මස මුල් සතිය තුළ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ සම්මේලනයේ නිලවරනය පවත්වා රග්බි ක්‍රීඩාව යහපත් පරිපාලනයක් ඔස්සේ රටක් ලෙස අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට ක්‍රියා කරන බවත් කයිස් අල් දලායි මහතා වෙත කරුණු පැහැදිළි කරන ලදි.

ඇතිව තිබූ අර්බුධකාරී තත්ත්වය හමුවේ ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීම කාලෝචිත බවත්, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සෑම විටම සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවත් කයිස් අල් දලායි මහතා එහි දී ප්‍රකාශ කළේය.

පසුගිය 12 වන දින තමන් විසින් කරුණු පැහැදිළිකර එවන ලද ලිපියට යහපත් ප්‍රතිචාර දක්වමින් පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පුද කල
අමාත්‍යවරයා ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ආසියානු රග්බි සම්මේලනය සමඟ සමීපව වැඩ කටයුතු කිරීමට තමන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන
බව වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2023 12:16

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්