fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිනමාවට සුවිසල් මෙහෙවරක් ඉටු කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් මහතා අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2023 11:53

සිනමාවට සුවිසල් මෙහෙවරක් ඉටු කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් මහතා අභාවප්‍රාප්ත වෙයි

සිනමා අධ්‍යක්ෂවරයෙක්, තිරකතා රචකයෙක් නිෂ්පාදකවරයෙක් සහ ගීත රචකයෙක් ලෙස මෙරට සිනමාවට සුවිසල් මෙහෙවරක් ඉටු කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

බිඳුණු හදවත්, පෙම් කුරුල්ලෝ, සජා (සම අධ්‍යක්ෂණය), බෝනික්කෝ 1-2, මව්බිම නැත්නම් මරණය, ජූරිය මමයි, ඇගේ වෛරය 1 -2 – 3 – 4, දඩබිම, සෙල්ලම් කුක්කා, වියරු ගැහැනියක්, ගිනිගත් හෝරාව, මිස් ඩයිනමයිට් ඇතුළු සිංහල චිත්‍රපට 34ක් ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබීම විශේෂත්වයක්.

ආන්දෝලානාත්මක චිත්‍රපට රැසක් තැනූ ලුවී සම්මානනීය ඉංග්‍රිසි නවකතාකරුවකු හැටියටත්  ප්‍රසිද්ධයි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2023 11:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්