fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බණ්ඩි පොහොර මිල රුපියල් 4500කින් පහළ දැමීමට රජයේ අවධානය

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2023 10:30

බණ්ඩි පොහොර මිල රුපියල් 4500කින් පහළ දැමීමට රජයේ අවධානය

MOP හෙවත් බණ්ඩි පොහොර මිල මෙවර යල කන්නයේ වී වගාව සඳහා රුපියල් 4500කින් මිල පහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පසුගිය දා රැස් වූ අමාත්‍ය මණ්ඩ‍ලයේ දී මේ සම්බණ්ධව රජයේ අවධානය යොමු කර තිබෙන අතර, දැනට වෙළඳපොලේ MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 18,500ක පමණ මිලකට අලෙවි වන බැවින් එම මුදල ගොවි ජනතාවට දරා ගැනීමට අපහසු නිසා මිල අඩු කිරීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩ‍ල සාකච්ඡාවේ දී මේ පිළිබඳ අවසන් තීරණය ගනු ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

රජයට අයත් පොහොර සමාගම් දෙක විසින් අවම මිලක් යටතේ පොහොර ලබාදීමට කටයුතු තරන නිසා මේ වන විට රසායනික පොහොර අලෙවිය සම්බන්ධව වෙළඳපොල තුළ තරඟකාරීත්වයක් මතු වී තිබෙනවා.

එහි වාසිය ගොවි ජනතාවට ලැබෙන පරිදි පසුගිය යල කන්නයේ රුපියල් 42,000කට පැවති යූරියා පොහොර මිටියක මිල මේ වන විට රුපියල් 11,000 දක්වා අවම වී තිබෙනවා.

ඒ අනුව ඉදිරි කාලයේ දී යූරියා පොහොර මිල අඩුවුනාක් මෙන් TSP හෙවත් මඩ පොහොර සහ MOP හෙවත් බණ්ඩි පොහොර මිල ගණන් ද තව දුරටත් අඩු වනු ඇති බව ද පුද්ගලික අංශයේ පොහොර අලෙවිකරුවන් අමාත්‍යවරයා සමඟ ප්‍රකෘශ කර තිබෙනවා.

විශේෂයෙන්ම පසුගිය කාලය තුළ පොහොර ආනයනය කරන සහ බෙදාහරින පුද්ගලික සමාගම් රට තුළ පැවතියේ 06ක් වැනි සුළු ප්‍රමාණයකි.

නමුත් දැනට මෙරටට ආනයනය කරන සහ බෙදාහරින පොහොර සමාගම් සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම තරඟකාරීත්වයේ වාසිය ගොවි ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස තමන් එම සමාගම් වෙතින් ඉල්ලා සිටි බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2023 10:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්