ගැටුම් උග්‍ර අතට හැරීමත් සමඟ සුඩාන අගනගරයේ ජනතාව ඉන් පළා යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දහස් ගණනක් සාමාන්‍ය වැසියන් කාහ්ටුම් නගරයෙන් පළා යමින් සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
සුඩාන ආරක්ෂක අංශ හා ආර් එස් එෆ් සටන්කරුවන් අතර ගැටුම් ආරම්භ වී අදට දින 5ක් ගතව ඇති අතර ගැටුම් හේතුවෙන් 300ක පමණ පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් 3000කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව ද සඳහන්.
කාහ්ටුම් නගරයේ දැවැන්ත පිපිරුම් හඩවල් ඇසෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
පැය 24ක සටයන් විරාමයක් පසුගිය දා ප්‍රකාශය පත් කළ ද දෙපාර්ශවයම එය කඩකල බවයි ජාත්‍යන්තර නිරීක්ෂකයින් සඳහන් කරන්නේ.