ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Related Articles
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් දෙදෙනෙකු අලවතුගොඩ පොලීසිය අත්අඩංගුවට ගත්තා.
පොලීසියට ලද තොරතුරකට අනුව කළ විමර්ශනයකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
ඔවුන් ළඟ තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 43 ක් සොයා ගැනුණා.
එක් සැකකරුවෙකු අලවතුගොඩ ප්‍රදේශයේ ඡායාරූප ශාලාවක් පවත්වාගෙන යන අයෙකු බවයි පොලිසිය පවසන්නේ.
මෙහි තිබී මුදල් නෝට්ටු මුද්‍රණය සදහා යොදා ගත් බවට සැක කෙරෙන පරිගණකයක් හා මුද්‍රණ යන්ත්‍රයක්ද සොයා ගැනුණා.
සැකකරුවන් අලවතුගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කරන්නේ.