fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තීරුබදු රහිතව ගෙන්වූ දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2023 10:12

තීරුබදු රහිතව ගෙන්වූ දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට

තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ප්‍රාදේශිය අණදෙන නිලධාරී නුවරඑලිය සහකාර පොලිස් අධිකාරි ඩබ්.ඒ.එස්. සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩී.එම්.එස්. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.04.19 වන දින වැලිමඩ පොලිස් වසමේ උඩවල පාර, හපුවත්ත, මිරහවත්ත ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට ඇති වෙළඳසැළ තුළ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී අලෙවි කිරීම සඳහා තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද ZICA වර්ගයේ දුම්වැටි 200 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 38 ක හපුවත්ත, මිරහවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිමඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2023 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්