fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිසුන් ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට ඉඩ දෙන්නේ නැහැ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2023 20:20

සිසුන් ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට ඉඩ දෙන්නේ නැහැ

පාසැල් සිසුන් ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසිසේත් ඉඩ දෙන්නේ නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශවල 2023 වර්ෂයේ ක්‍රියාත්මක කළ විශේෂ අයවැය යෝජනාවල ප්‍රගති සමාලෝචනය වෙනුවෙන් සාකච්ඡාවක්  ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසදුම් ඇතුළත් නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙසයි.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දුන් ජනාධිපතිවරයා විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවද ප්‍රකාශ කළා.

පසුගිය වසරේ පිළිතුරු පත්‍ර ඇගයීමට සම්බන්ධ වූ කණ්ඩායමම යොදා ගනිමින් මෙවර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සිදු කරන ලෙසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් උපදෙස් ලබා දුන්නේ.

එම කටයුතු සදහා සහභාගී නොවුනහොත් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බවත් ඒ පිළිබද නීතිපතිවරයා සමගද සාකච්ඡා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

වසරකට ඉංජිනේරු හා තාක්ෂණ උපාධිධාරීන් දස දහසක් හා වෛද්‍ය උපාධිධාරීන් පන්දහසක් බිහි කිරීමට රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී උපදෙස් ලබා දුන්නා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2023 20:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්