GPS තාක්ෂණය සහිත බස් රථ පැය 24 පුරා නිරීක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි
Related Articles
දිවයින පුරා ධාවනය වන ජී පී එස් තාක්ෂණය සහිත බස් රථ පැය 24 පුරා නිරීක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
නාරාහේන්පිට පිහිටි ජාතික ගමනාගමන කොමිසන් සභා පරිශ්‍රයේ මෙම ස්වයංක්‍රීය දත්ත පද්ධතිය පිහිටුවා තිබෙනවා.
බස් රථයේ වේගය, බස් රථය ඇති ස්ථානය ඇතුළු දත්ත රැසක් මෙම මධ්‍යස්ථානයට ලබාගත හැකි වනවා.
එමෙන්ම ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධයෙන් ක්ෂණිකව නිරික්ෂණය කිරීමටද ජාතික ගමනාගමන කොමිසන් සභාවට මේ අනුව අවස්ථාව උදා වනවා.
මෙම ඩිජිටල් තාක්ෂණික ක්‍රියාවලිය යොදා ගනිමින් ඉදිරියේදී බස් රථ සදහා බලපත්‍ර ලබාදීම මෙන්ම රියදුරු, කොන්දොස්තර හැදුනුම්පත් ලබාදීම ඇතුළු මෙහෙයුම් කටයුතු රැසක් සිදු කිරීමට නියමිතයි.