fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැලේරියා රෝගය යළි හිස එසවීමේ අවදානමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2023 18:56

මැලේරියා රෝගය යළි හිස එසවීමේ අවදානමක්

මැලේරියා රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුව තිබෙනවා. පසුගිය වසර තුළ මෙරටින් මැලේරියා රෝගීන් 37 දෙනෙකු හමු වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මැලේරියාවෙන් නිදහස් රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය හිමි වුණේ 2016 වසරේයි. මෙරටින් මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළද විදෙස්ගතව සිට පැමිණෙන්නන් හා විදේශවල සිට මෙරටට පැමිණෙන්නන් හරහා මැලේරියාව බෝවීමේ අවදානමක් මතුව තිබෙනවා.

විදෙස්ගතව සිට පැමිණෙන සෑම පුද්ගලයෙකුම රුධිර පරික්ෂාවක් සිදු කර ගැනීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ජාතික මැලේරියා දිනය ලබන 26 වනදාට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නැංවීමටයි කටයුතු යොදා ඇත්තේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මැලේරියා අවදානම සම්බන්ධයෙන් මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය චම්පා අලුත්වීර මහත්මිය කරුණු පැහැදිලි කළා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2023 18:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්