මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජය ගත් ප්‍රිමියර්ලීග් තරඟාවලියේ 25 වන තරඟය
Related Articles
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 192ක් රැස්කර ගත්තා.
කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 64යි. ඔහුගේ ඉණිමට 6 පහර 2ක් සහ 4 පහර 6ක් ඇතුළත් වුණා.
ඉෂාන් කිෂාන් ලකුණු 38ක් ලබාගත්තා.
නායක රෝහිත් ෂර්මා දැවී ගියේ ලකුණු 28ක් රැස්කර සිටියදීයි. පන්දු යැවීමේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ මාකෝ ජන්සන් කඩුලු 2ක් බිදහෙළුවා.
ලකුණු 193ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි සන්රයිසස් කණ්ඩායමට පන්දුවාර 19 පන්දු 5කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවුණේ ලකුණු 178ක් පමණයි.
මයන්ක් අග්‍රවාල් ලකුණු 48යි.
මුම්බායි කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී ජේසන් බැරන්ඩෝෆ්, රයිලි මැරඩත් හා පියුෂ් චවුලා කඩුලු 2 බැගින් බිදහෙළුවා.
නොදැවී ලකුණු 64ක් සහ එක් කඩුල්ලක් දවාගත් කැමරන් ග්‍රීන් තරඟයේ වීරයායි.