වාහන අලුත් වැඩියා කරන ස්ථානයකට එල්ලවූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය
Related Articles
යාපනය කස්තුරි මාර්ගය ප්‍රදේශයේ පිහිටි වාහන අලුත්වැඩියා ස්ථානයකට ඊයේ රාත්‍රියේ එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් එහි කාර් රථයකට පමණක් හානි සිදුව ඇතැයි යාපනය පොලීසිය පවසනවා.
කස්තුරි මාර්ගයේ පිහිටි අදාල වාහන අලුත්වැඩියා ස්ථානයට ඊයේ රාත්‍රියේ නාඳුනන පිරිසක් යාතුරුපැදිවලින් පැමිණ එකවරම පෙට්‍රෙල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට පලා ගිය බවට වාහන අලුත්වැඩියා ස්ථානයේ හිමිකරු පොලීසියට පවසා තිබෙනවා.
පෙට්‍රල් බෝම්බය වැටී ඇත්තේ කාර්රථයක බොනට්ටුව උඩට වන අතර එයට පමණක් හානිසිදුව ඇති අතරම ප්‍රහාරය එල්ල කල පිරිස් කව්රුන්දැයි යන්න හඳුනාගැනීමට නොහැකිව ඇතැයි පොලීසිය ප්‍රකාශ කළා.
අදාල පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න සෙවීම සඳහා පරික්ෂණයක් අරඹා ඇති බවත් මෙම ප්‍රහාරය පුද්ගලික ආරවුලක් මත සිදුවන්නට ඇතැයි විශ්වාස කරනවා.