කිරිපිටි මිල තවත් අඩුවෙයි?
Related Articles
ආනයනික කිරිපිටි මිල තවදුරටත් අඩුකිරීමට ආනයනකරුවන් එකඟතාව පළකර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ කිරිපිටි ආනයනකරුවන් සමග ඊයේ රාත්‍රියේ පැවැත්වූ සාකච්ඡාවකදී ඔවුන් ඒ සම්බන්ධයෙන් එකඟතාව පළ කළ බවයි.
කිරිපිටි මිල අඩුවන ආකාරය පිළිබඳව ඉදිරි දින දෙක තුළ දැනුම්දෙන බව ආනයනකරුවන් සදහන් කළ බවද අමාත්‍යවරයා කියා සිටියා
අප්‍රේල් මස පළමුවැනි දින සිට ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට එම සංගම් පියවර ගෙන තිබූ අතර එහිදී කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400යේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩු කෙරුණා.