අහුංගල්ලේ ඝාතනයට කරන්දෙණිය හමුදා කඳවුරේ ගිනි අවි 36ක් පොලිස් භාරයට ගනී
Related Articles
අහුංගල්ල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් කරන්දෙණිය යුද හමුදා සන්නද්ධ බලකා රෙජිමේන්තු කඳවුරේ ටී 56 ගිනි අවි 36ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ දී නිල සුනඛයා යුද හමුදා කඳවුරට ඇතුළුවීම හේතුවෙනුයි.
අහුංගල්ල ප්‍රදේශයේ දී තරුණයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුනේ පසුගිය 14 වනදායි.
ඒ ඔහු සිය සොයුරියගේ කුඩා දරුවන් දෙදෙනාද සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදීයි.
යතුරුපැදිය පෙරලීමෙන් තුවාල ලැබූ දරුවන් දෙදෙනා රෝහල් ගතකර තිබෙනවා.
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ පොලීසිය ඒ සඳහා අම්බලන්ගොඩ පොලීසියේ නිල සුනඛයා යොදාගෙන තිබෙනවා.
එම නිල සුනඛයා කරන්දෙනිය යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු කඳවුරට ඇතුළුවීම හේතුවෙන් එදින රාජකාරියේ නිරතව සිටි සෙබලුන්ට නිකුත් කර තිබූ ටී56 ගිනි අවි 36කුයි මෙලෙස පොලිස් භාරයට ගෙන තිබෙන්නේ.