fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කරයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2023 10:53

ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කරයි

ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතනවල කාර්ය භාරය, විෂය පථය, ඉදිරි වැඩපිළිවෙල හා ගැටලු හදුනා ගැනීම මෙහිදී සිදුවුණා.

කාරක සභාවට සහභාගී වූ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ඇතුළු නිලධාරීහු මෙහිදී අදහස් දැක්වූහ. මෙවර ජාතික වෙසක් උත්සවය සියලු ආගම්වල සහය ඇතිව ඒකාබද්ධ වැඩසටහනක් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවත් මෙහිදී අනාවරණය වුණා.

බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ක‍්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල ඉදිරි වැඩපිළිවෙල හා ගැටලු පිළිබඳව මෙහිදී අවධානය යොමුවිය.

සියලු ආගම්වලට අදාළව පවතින ගැටලු විසදා ගැනීම, පවතින සංස්කෘතික පරිහානිය වළක්වා ගැනීම ඇතුළු කරුණු කාරණා සදහා අවශ්‍ය නීතිය ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.

එම ගැටලු විසඳා ගැනීම සහ අමාත්‍යාංශයීය වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කටයුතුවලට මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව සහය දක්වන බවත් අවශ්‍ය නම් අමාත්‍යවරයා ද කාරක සභාවට සම්බන්ධකරගෙන කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් මෙහිදී කාරක සභා සභාපති ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවා.

ඒ අනුව ‍කාරක සභාව අවධානය යොමුකිරීමට අපේක්ෂා කරන කරුණු පිළිබඳව මූලික වැඩසටහනක් සකස් කොට, ඉදිරියේදී කටයුතු කිරීමට මෙහිදී තීරණය වුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2023 10:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්