මත් කරල් සමඟ සැකකරුවෙක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට
Related Articles
මත් කරල් කිලෝග්‍රෑම් 34ක් කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා.
ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී හිසකෙස් වර්ණක ඇසුරුම් තුළ මේවා සූක්ෂම අයුරින් අසුරා තිබියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
හෙරොයින්වලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට විකල්පයක් ලෙස මෙම මත් කරල් අලෙවි කරන බවයි පොලීසිය සඳහන් කරන්නේ.
ඒ අනුව මත්කරල් හැටදහසකට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මහනුවර දිගන රජවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.