fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට නාගරීකරණය 45%කින් ඉහළට

hasiniek
By hasiniek අප්‍රේල් 18, 2023 17:28

මෙරට නාගරීකරණය 45%කින් ඉහළට

අඩු මට්ටමක පැවති මෙරට නාගරීකරණය 2012/ 2022 දස අවුරුදු කාලය තුළ සියයට 45 ක් දක්වා වර්ධනය වී ඇති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයේදී හෙළිවී තිබෙනවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මතයි එය සිදු කෙරුණේ.

මෙරට නාගරීකරණය සම්බන්ධයෙන් අවසන්වරට සමීක්ෂණයක් සිදු කෙරුණේ 2012 වසරේයි.

එම සමීක්ෂණයට අනුව මෙරට නාගරීකරණය සියයට 18 ක් ලෙසයි සටහන් වූයේ.

ජනගහන ඝනත්වය/ නිවාස ආදී නිර්නායක රැසක් උපයෝගීකරගනිමින් මෙම සමීක්ෂණය සිදුකරනු ලැබුවා.

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම හා කොළොන්නාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශ දෙක සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සීඝ්‍රයෙන් නාගරීකරණය වී ඇති බවද ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ගාමිණී හේවගේ මහතා පවසනවා.

hasiniek
By hasiniek අප්‍රේල් 18, 2023 17:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්