fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට රැකියා සිහිනයට තවත් මගක්

hasiniek
By hasiniek අප්‍රේල් 18, 2023 16:04

රට රැකියා සිහිනයට තවත් මගක්

ජපානයේ සාත්තු සේවක රැකියා, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාවේ හෝටල් ක්ෂේත්‍රෙය් රැකියා, යුරෝපයේ සාත්තු සේවක රැකියා, මැද පෙරදිග ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා රැසක් මේ වන විට ලංකාවට ලැබී ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා

එසේ ලැබෙන සම්පූර්ණ රැකියා අවස්ථා සදහා යැවීම සදහා ප්‍රමාණවත් පුහුණු ශ්‍රමිකයින් පිරිසක් නොමැතිවීමේ ගැටලුවට විසඳුම් ලබාදීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි ඔහු පවසන්නේ .

ඒ අනුව විදේශ රැකියා ඉලක්ක කරගනිමින් විදේශ රැකියා අපේක්ෂිතයින් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

එහි එක් අදියරක් ලෙස විදේශ රැකියා ඉලක්ක කරගනිමින් වෘත්තීය පුහුණුව ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය අද පැමිණියා.

මෙම අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදෙන නිර්නායකයන්ට අනුව, විදේශ රැකියා සදහා අවශ්‍ය නිපුණතාවයන් සහිත වෘත්තිකයින් පුහුණු කිරීම, ඔවුන්ට අවශ්‍ය ජාතික වෘත්තීය සුදුසුකම් සහිතකය ලබාදීම සහ අනෙකුත් වෘත්තීය සහතික ලබාදීම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් සිදු කරනු ලබනවා.

වෘත්තීය පුුහුණව සදහා සිසුන් ලියාපදිංචි කිීම, ඔවුන්ට ප්‍රමිතිගත පුහුණුවක් ලබාදීම, ඔවුන්ගේ පුහුණුව නියාමනය කිරීම සහ සහතිකකරණය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාර්ගෝපදේශයන්ට යටත්ව, සිදුකරනු ලබනවා.

මේ ආකාරයට වෘත්තීය පුහුණුවක් සහිත, පුහුණු ශ්‍රමිකයින් විදේශ රැකියා සදහා යොමු කිරීම මගින් ඉහළ ආදායමක් රටට ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

hasiniek
By hasiniek අප්‍රේල් 18, 2023 16:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්