රාජ්‍ය නොවන සංවිධානවල සේවය සඳහා පැමිණෙන විදේශිකයන්ට පහසු ක්‍රමවේදයක්
Related Articles
රාජ්‍ය නොවන සංවිධානවල සේවය සඳහා පැමිණෙන විදේශිකයන් සඳහා විසා ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් සහ කාර්යක්ෂම කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛණයක් නිකුත් කර තිබෙනවා.
එහිදී මාර්ගගත (online) ක්‍රමයට විසා ලබා දීම සහ වාස වීසා (Residence Visa) වලංගු කාලය වසරක් දක්වා දිගු කිරීමට ද කටයුතු කර තිබේ.
ඒ අනුව විසා ලබා ගැනීම සඳහා www.eta.gov.lk වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වීමෙන් අයදුම් කල හැක.
රාජ්‍ය නොවන සංවිධානවල සේවය සඳහා පැමිණෙන විදේශිකයන්ගේ පහසුව සහ එමඟින් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීම පිළිබඳව සලකා බලා අදාළ චක්‍රලේඛණය නිකුත් කිරීමට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සංජීව විමලගුණරත්න කටයුතු කර තිබේ.
මෙම චක්‍රලේඛය රාජ්‍ය නොවන සංවිධාන වෙතින් ලැබුණු ඉල්ලිම්, දුක් ගැනවිලි සහ යෝජනා සියල්ල සලකා බලා ඔවුන් සමඟ සාකච්ඡා කර නිකුත් කිරීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.