ලොව සංචාරයට සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාවත්
Related Articles
2023 වසරේ සංචාරය කිරීමට හොඳම රටවල් 23න් එකක් ලෙස ශ්‍රී ලංකාව, ෆෝබ්ස් සඟඟරාව විසින් ලැයිස්තුගත කර තිබෙනවා.
සම්මානනීය සංචාරක වාර්තාමය චිත්‍රපට නිෂ්පාදකවරියක වන ජුලියානා බ්‍රොස්ටේ විසින් ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට තෝරාගනු ලැබ ඇත.
බ්‍රොස්ට් නැරඹිය යුතුම ස්ථානයක් ලෙස ‘ලිට්ල් එංගලන්තය’ ලෙස හඳුන්වන නුවරඑළිය ද සඳහන් කරයි. කලාපයේ වඩාත්ම කැපී පෙනෙන අපනයන භාණ්ඩය වන සිලෝන් ටී නිෂ්පාදනය කරනු ලබන මීදුම සහිත කඳුකරය ගැන ද ඇය සදහන් කර ඇත.
අනුරාධපුරය, මහනුවර, පින්නවල අලි අනාථාගාරය සහ යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථාන බවත්, කෙටි දුරක් ගමන් කර නැරඹිය හැක ස්ථාන රාශියක් ශ්‍රී ලංකාවේ තිබෙන බව ඇය පෙන්වා දී තිබෙනවා.