බදුල්ල තල්දෙණ තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයෙන් පැනගිය රැදවියන් 9 දෙනාම යළි අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
බදුල්ල තල්දෙණ තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයෙන් රැදවියන් 9 දෙනෙකු පැන ගොස් තිබුණේ ඊයේ අළුයම් කාලයේදීයි. ඊයේ උදෑසන වන විට ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකිවුණා.
සෙසු රැදවියන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව කන්දකැටිය ප්‍රදේශයට පළා ගොස් ඇති බවට තොරතුරු සැලවීමත් සමග කන්දකැටිය පොලිසිය හා ගම්වාසීන් ද එක්ව ඔවුන් සොයා මෙහෙයුම් සිදු කෙරුණා. ඒ අනුව ඊයේ රාත්‍රීයේ දී රැදවියන් 4 දෙනෙකු සොයා ගැනීමට හැකි වුණා. ඒ කන්දකැටිය ප්‍ර දේශයේ කුඹුරු යායක සැගව සිටියදීයි.
සෙසු රැදවියන් 3න් දෙනා ද අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා අද දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.