fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහ බැංකුවේ හොරකම ගැන අලුත්ම තතු

hasiniek
By hasiniek අප්‍රේල් 17, 2023 17:57

මහ බැංකුවේ හොරකම ගැන අලුත්ම තතු

ශ්‍රී ලංකා මහබැංකුවේ ව්‍යවහාරික මුදල් සුරක්ෂිත ගබඩාවේ තැන්පත් කර තිබු රුපියල් ලක්ෂ 50ක මුදලක් අස්ථාන ගත වීමේ සිද්ධියට අදාළව විමර්ෂණ සිදුකර අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අළුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාව මහතා අද නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය කරුණු වාර්තා කිරිමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කලේ.

පසුගිය මාර්තු මස 23 වනදා ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ෂණ වල ප්‍රගතිය කොටුව පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

මේ පිළිබදව මහබැංකු සේවකයන් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව කී පොලිසිය අද දිනයේ ද ප්‍රකාශ ලබා ගනිමින් සිටින බවයි අධිකරණයට දැනුම් දුන්නේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.

විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු වන කේ අතුල එච් ද සිල්වා / ශෙනාලි ඩී වඩුගේ සහ ජෙහාන් ඒ හමීඩ් යන අයයි එම පෙත්සම ගොනු කලේ.

පෙත්සම්කරුවන් පවසන්නේ අදාළ පනත් කෙටුම්පත තුළින් සමලිංගික ක්‍රියාකාරකම් අපරාධමය වරදක් වශයෙන් අර්ථකතනය කිරීමට උත්සහ කර ඇති බවයි.

එමගින් එම ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමක් සිදුවන බව ද පෙත්සම්කරුවන් පවසනවා.

බෞද්ධ / හින්දු / ඉස්ලාම් හා කිතුනු යන ආගමික විශ්වාසයන් අනුව පවා සමලිංගික කටයුතු අනුමත කර නැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් කෙටුම්පතේ කරුණු එම ආගමික විශ්වාසයන්ට පටහැනි බව ද පවසනවා.

අදාළ පනත් කෙටුම්පතෙන් අපේක්ෂා කරන කරුණු මෙරට සංස්කෘතික හා ජාති අනන්‍යතාවන්ට ද පටහැනි බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.

එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත කරුණු වලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ංඝණයක් සිදුවන බව පවසමින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දු කරන ලෙසයි පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ.

hasiniek
By hasiniek අප්‍රේල් 17, 2023 17:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්