fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට දියුණුවට දිගටම උදව් කරනවා – චීනය

hasiniek
By hasiniek අප්‍රේල් 17, 2023 14:50

මෙරට දියුණුවට දිගටම උදව් කරනවා – චීනය

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අඛණ්ඩව සහාය ලබාදෙන බව චීනය පවසනවා.

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපති ඩෙන් බෝසින් මහතා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවේ මේ බව ප්‍රකාශ කළා.

මෙම හමුව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දී සිදුකෙරුණා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා චීනය / ඉන්දියාව / ජපානය ඇතුළු මිත්‍ර රටවලත් ජාත්‍යන්තර සංවිධානවලත් උපදේශකත්වය ආධාර සහ අනුග්‍රහය ලක් රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

ශ්‍රී ලංකාවට අතිශය මිත්‍රශීලී රටක් ලෙස චීනය සැමවිටම අවශ්‍ය සහයෝගය අඛණ්ඩව ලබාදෙන බවයි ඩෙන් බෝසින් මහතා මෙහිදී ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියා.

hasiniek
By hasiniek අප්‍රේල් 17, 2023 14:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්