අයර්ලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි
Related Articles
අයර්ලන්ත – ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.
දිවා භෝජනය සදහා තරගය නතර කරන විට පළමු ඉණිම සදහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 503ක් ලබා සිටියා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඊයේ දිනය තුළ සාර්ථකව ප්‍රති ප්‍රහාරයක් ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා පිතිකරු බලඇනිය දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 386ක් ලබා සිටියා. දිමුත් කරුණාරත්න ලකුණු 179ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 140ක් රැස්කළා.
අද දිනයේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 16කට හා ධනංජය ද සිල්වා ලකුණු 13කට දවා ගැනීමට අයර්ලන්ත පන්දු යවන්නන් සමත්වුණා. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 66ක් හා සදීර සමරවික්‍රම නොදැවි ලකුණු 52ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.