මුරලි ගේ ජීවන කතාව සහිත 800 චිත්‍රපටයේ පෝස්ටරය නිකුත් වෙයි
Related Articles
ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම දඟ පන්දුයවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවන කතාව සහිත චිත්‍රපටයේ පෝස්ටරය අද (17) නිකුත්කර තිබෙනවා.
එම චිත්‍රපටයේ මුරලිදරන්ගේ චරිතය රඟපානු ලබන්නේ ප්‍රකට ඉන්දීය නළුවෙක් වන මධුර් මිත්තාල් විසින්.
මෙම චිත්‍රපටය ද්‍රවිඩ භාෂාවෙන් නිපදවෙන අතර එය හින්දි සහ තෙළිඟු භාෂාවලින්ද නිකුත් කිරීමට සැලසුම්කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙය ”800” යනුවෙන් නම් කර ඇත්තේ මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙහි දවාගත් කඩුලු සංඛ්‍යාව සංකේතවත් කිරීම වෙනුවෙන්.
මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ MS Sripathy නමැත්තායි.
මෙම සිනමා පටයේ පළමු පෝස්ටරය අද දිනයේ දී නිකුත් කර ඇත්තේ මුත්තයියා මුරලිදරන්ගේ 51 වැනි ජන්ම දිනය අදට යෙදී තිබීම හේතුවෙන්.
ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම දඟ පන්දුයවන්නා , මුත්තයියා මුරලිදරන් , ඔබට සුබ උපන් දිනයක් වේවා!!!