අද අලුයම 6 දක්වා ගතවූ පැය 48 තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් හත් කෝටි පනස්පන් ලක්ෂ අට දහස් එක සියයක් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂක ජනරාල් එල් වී එස් වීරකෝන් මහතා පවසනවා.
එම කාලය තුළ වාහන 256,225 ක ප්රමාණයක් ධාවනය වී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.
වාහන ගැටීමෙන් අධිවේගී මාර්ගයේ ස්ථාන 41 දේපළ වලට පමණක් අලාභ සිදු වී ඇති බවද ඒ මහතා ප්රකාශ කළා.