බලපත්‍ර නොමැතිව ගිනි අවියක් තබා ගත් අයෙක් අත්අඩංගුවට
Related Articles
තිරුක්කෝවිල් පොලිස් වසමේ තංගවේලායුධපුරම් ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී බලපත්‍ර නොමැතිව වෙඩි බෙහෙත් කොටන වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම වෙඩි බෙහෙත් කොටන ගිනි අවි සඳහා භාවිතා කරන යකඩ තුවක්කු බට 03ක් ද ඔහු සතුව පවතී බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
සැකකරු විනයාගපුරම් 02 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක් වන පුද්ගලයකුවන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිරුක්කෝවිල් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.