ඉන්දීය විදේශ අමාත්‍යවරයෙකු මොසැම්බික් රාජ්‍යයේ සංචාරයක
Related Articles
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මොසැම්බික් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක නිරත වී තිබෙනවා.
ඉන්දීය විදේශ අමාත්‍යවරයෙකු නිල සංචාරයක් සඳහා මොසැම්බික් වෙත පැමිණි පළමු අවස්ථාව එය බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.
දෙරට අතර ද්විපාර්ශ්වීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම එම සංචාරයේ අරමුණ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ මොසැම්බික් සංචාරය අතරතුරදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ නිෂ්පාදනය කර එරටට ලබාදුන් දුම්රියකද ගමන් කළ බවයි.