fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුඩාන හමුදාව හා ආර් එස් එෆ් සටන්කාමීන් අතර තුන් වන දිනටත් දරුණු ගැටුම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2023 09:13

සුඩාන හමුදාව හා ආර් එස් එෆ් සටන්කාමීන් අතර තුන් වන දිනටත් දරුණු ගැටුම්

සුඩාන හමුදාව හා ආර් එස් එෆ් සටන්කාමීන් අතර තුන් වන දිනටත් දරුණු ගැටුම් හටගෙන තිබෙනවා.

ආර් එස් එෆ් නමින් හැදින්වෙන පැරා මිලිටරි කණ්ඩායමක් සහ සුඩාන හමුදාව අතර ගැටුම් හට ගත්තේ පසුගිය සෙනසුරාදා දිනයේ දී. මේ වන විට එම ගැටුම්වලින් මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබු සංඛ්‍යාව දහස ඉක්මවනවා. කාටුම් අගනුවර රෝහල් වල පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තුවාල ලැබූවන් මියයාමේ සිද්ධීන් වැඩිදුරටත් වාර්තා වන බවයි එරට ආරංචි මාර්ග සදහන් කරන්නේ.

2019 වසරේ දී එරට ඒකාධිපති ජනාධිපති ඕමාර් අල්බෂීර් කුමන්ත්‍රණයකින් බලයෙන් පහා කිරීමෙන් පසු සුඩානය පාලනය කරනු ලබන්නේ හමුදා ජෙනරාල්වරු විසින්. රට සිවිල් පාලනයකට ගෙන යා යුතු බවට ඔවුන් එකගත්වයකට නොපැමිණීම හේතුවෙන් මෙම ගැටුම් හට ගෙන තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2023 09:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්