රිලව් රට යවන එක ගැන බලන්න කමිටුවක්
Related Articles
වගාවලට හානි සිදුකරන රිලව්න් චීනයේ සත්වෝද්‍යානවලට ලබාදීම සම්බන්ධයෙන් සියලුම පරිසර සංවිධාන දැනුවත් කළද ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
රිලව්න් සත්වෝද්‍යානවලට ලබාදීම සම්බන්ධයෙන් වන ක්‍රියාවලිය සදහා කමිටුවක් ද පත්කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
වගාවලට වැඩි වශයෙන්ම හානි කරන සතුන් අතර රිලව්න් ප්‍රමුඛ ස්ථානයකට පැමිණ ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. ඒ අනුව චීනයේ සත්වෝද්‍යාන සදහා මෙරට රිලව්න් ලබාදෙන ලෙස කළ ඉල්ලීම සලකා බැලීමට අමාත්‍යංශය තීරණය කළා. ඒ සම්බන්ධයෙන් බොහෝ පරිසර සංවිධාන හා විවිධ පුද්ගලයින් විවේචන එල්ල කරමින් සිටිනවා.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ මෙම තීරණය සම්බන්ධයෙන් පරිසර සංවිධාන කැදවා දැනුවත් කිරීම් සිදුකළ ද කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඔවුන් ඉදිරිපත් නොකළ බවයි.