fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ උපන්දින සාදයක වෙඩි තැබීමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2023 09:05

ඇමෙරිකාවේ උපන්දින සාදයක වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ උපන් දින සාදයක සිදු වු වෙඩි තැබීමකින් 4 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

වෙඩි තැබීමෙන් පුද්ගලයන් 28 දෙනෙකු තුවාල ලැබුවා. ඇළබාමා ප්‍රාන්තයේ සිදු වු මෙම වෙඩි තැබීම ටෙනසි සහ කෙන්ටකී ප්‍රාන්ත වල සිදු වු වෙඩි තැබීම්වලින් පසුව වාර්තා වන 3න් වන වෙඩි තැබීමයි. මිය ගිය අයගේ තොරතුරු මෙතෙක් හෙළි කර නොමැති බවයි ඇළබාමා ප්‍රාන්ත බලධාරීන් සදහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. උසස් පාසල් පාපන්දු ක්‍රීඩකයන් කිහිපදෙනෙක් එක්ව සංවිධාන කළ උපන්දින සාදයක් අතරතුරයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2023 09:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්