අන්තරාදායක ද්‍රව්‍ය රැගෙන ගිය ඇමරිකා දුම්රියක් පීලි පනී
Related Articles
අන්තරාදායක ද්‍රව්‍ය රැගත් දුම්රියක් ඇමෙරිකාවේ මේන් ප්‍රාන්තයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
මෙම දුම්රිය වනාන්තර ප්‍රදේශයකදී පීලිපැනීමකට ලක්වීම නිසා ඒ අවට ගින්නක් ඇතිව ඇති බව වාර්තා වනවා.
ගිනි නිවන කණ්ඩායම් හා ගලවාගැනීමේ කණ්ඩායම් මැදිහත්ව අනතුරට පත් දුම්රිය සේවකයන් තිදෙනෙකු බේරාගත් බව සදහන්.
හිමපතනය නිසා දුම්රිය මාර්ගය සේදීයාමට ලක්ව ඇති අතර අනතුරට හේතුව එය බව හෙලිව තිබෙනවා.
කෙසේ වෙතත් දුම්රිය ප්‍රවාහනය කළ අන්තරායකර ද්‍රව්‍ය කුමක්ද යන්න ඇමෙරිකාව හෙලි නොකරන අතර එම ද්‍රව්‍ය ගිනිගැනීමට ලක්ව නොමැති බව ඔවුන් පවසනවා.