fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශේෂ ප්‍රවාහන සේවා අද දිනයෙත් ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2023 12:33

විශේෂ ප්‍රවාහන සේවා අද දිනයෙත් ක්‍රියාත්මකයි

සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදු කරන විශේෂ ප්‍රවාහන සේවා අද දිනයෙත් ක්‍රියාත්මකයි.

ඒ අනුව ලබන 18 වනදා දක්වා අතිරේක බස් රථ යොදවා ගමන්වාර ක්‍රියාත්මක කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පවසන්නේ.

මේ අතර සාමාන්‍ය දුම්රිය කාලසටහනට අමතරව මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ලබන 17 වනදා දක්වා විශේෂ දුම්රිය ධාවනයට යොදවා ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස් පොල්වත්තගේ මහතා පවසනවා.

අද දිනයේ පෞද්ගලික බස් රථ 50% ක ප්‍රමාණයක් ධාවනයට  එක් කර ඇති  බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

මේ අතර වාහන ධාවනය කිරීමේදී වැඩි අවධානයක් යොමු කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

නීති කඩකරමින් රථවාහන ධාවනය කරන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2023 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්