ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ පසුගියදා (15) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 62 කට අධික තොගයක් රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් පිටු දැකීමේ ජාතික අභිලාෂය ශාක්සාත් කරගැනීම වෙනුවෙන් නාවික හමුදාව දිවයින වටා වූ මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි ආවේක්ෂණ කටයුතු පුළුල් කරමින් නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
එහිදි එම යාත්‍රාවෙහි උර දෙකක් තුල පාර්සල් 23ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 62 ග්‍රෑම් 400ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 20 කට අධික වෙතැයි විශ්වාස කෙරෙනවා.
සැකකරුවන් තිදෙනා කේරළ ගංජා තොගය සහ ඉන්දීය ඩව් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණා.