fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්පෙති තොගයක් මන්නාරමේ කැලයකින් සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2023 10:29

මත්පෙති තොගයක් මන්නාරමේ කැලයකින් සොයා ගැනේ

මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ පිහිටි කැලෑබද ප්‍රදේශයකින් රුපියල් මිලියන 16 කට අධික මත්පෙති 111,000 ක් ඊයේ (15) දින සොයාගත් බව මන්නාරම පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මන්නාරම යුදහමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට මේ බව දැනුම් දී තිබෙනවා.

අනතුරුව එහි පොලිස් නිලධාරීන් පිරිසක සහ යුදහමුදා නිලධාරීන් එක්ව ශිලාවතුර ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශක සිදුකරන ලද සෝදිසියකදී සඟවා තිබූ මෙම මත්පෙති තොගය සොයාගනු ලැබුවා.

එහිදී විශාල උර දෙකක් තුල අසුරා තිබූ ප්‍රිගැබ්ලින් වර්ගයේ නීතිවිරෝධී මත්පෙති තොගය සොයා ගෙන තිබෙනවා.

මෙම මත්පෙති තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් ශිලාවතුර ප්‍රදේශයේ කැලෑවක සඟවා පසුව වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට ජාවාරම් කරුවන් සැලසුම් කොට ඇති බවට සැක පල කරන අතරම අදාල මත්පෙති ගෙන්වූ අය කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති බවටද පොලීසිය පැවසුවා.

සොයාගත් මත්පෙති තොගය මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් භාරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2023 10:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්