fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2023 16:15

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදු වූ අනතුරකින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදු වූ බස් රථ අනතුරකිනුයි මෙලෙස 13 දෙනෙකු මියගොස් තිබෙන්නේ.

බස් රථයක් අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබියදී මාර්ගයෙන් පිටතට ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.

බස් රථයේ කොටස් ප්‍රපාතයට පහළින් වූ ගංගාවකට ද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බස් රථ අනතුර සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තම ශෝකය ප්‍රකාශ කර ඇති අතර මියගිය අය සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙකක්ද තුවාල ලැබුවන්ට රුපියල් පනස් දහසක්ද ලබා දීමට තීරණය කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2023 16:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්