නවසීලන්තය පරදා පාකිස්ථානයට ලකුණු 88ක ජයක්
Related Articles
පාකිස්තානය හා නවසීලන්තය අතර ඊයේ පැවති පළමු 20-20 තරගයෙන් පහසු ජයක් හිමිකර ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත්වුණා.
ලාහෝර් හිදී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන ක්‍රීඩකයන් පන්දුවාර 19යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 182 ක් රැස්කළා.
සයිම් අයුබ් ලකුණු 47යි. පන්දු යැවීමේදී මැට් හෙන්රි කඩුලු ත්‍රිත්වයක් බිඳ හෙළුවා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ නවසීලන්ත ක්‍රිඩකයන් පන්දුවාර 15යි පන්දු 3 ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුනු 94 ක් පමණයි.
ඒ අනුව ලකුණු 88ක ජයක් පාකිස්ථානයට හිමි වුණා.