fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ITN අවුරුදු කුමරිය නිර්මාණි – කුමරා මලීෂ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2023 11:42

ITN අවුරුදු කුමරිය නිර්මාණි – කුමරා මලීෂ

ITN අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තා.

ඉදිරිපත් වූ අයදුම්පත් දහස් ගණනක් අතුරින් අවුරුදු කුමරිය බවට පත්වීමට නිර්මාණී නිකපිටියත් අවුරුදු කුමරා බවට පත්වීමට මලීෂ දුල්ෂාන්ටත් හැකි වුණා.

ITN අවුරුදු කුමරා සහ කුමරිය  තේරීමේ තරග සඳහා ඉදිරිපත් කළ අයදුම්පත්වලට අදාළව මූලික වටයේ තරග පැවැත්වුණේ පසුගිය පෙබරවාරි 25 වනදායි.

ඒ අනුව අවසන් වටය සදහා තරගකරුවන් හා තරගකාරියන් 24 දෙනෙකු තෝරාගැනුණා.

ප්‍රවීණ නර්ථනාචාර්ය චන්දන වික්‍රමසිංහ,ප්‍රවීණ රංගනශීල්පිනී සේමිනී ඉද්දමල්ගොඩ,ප්‍රවිණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රස්න්න කොළඹ ආරච්චි,ජනප්‍රිය රංග ශිල්පී මහේෂි මධුශංකා, රංගන ශිල්පී සුරාජ් මාපා යන කලාකරුවන්ගේ විනිශ්චය යටතේයි අවුරුදු කුමරා සහ කුමරිය තේරීම සිදු වුණේ.

ඒ අනුව අවුරුදු කුමරා තරඟයේ තුන්වන ස්ථානය දිනාගැනීමට දුලාජ් රසික සමත් වුණා.

එහි දෙවන ස්ථානයට පත් වූයේ ජනිත චතුරංගයි.

ITN අවුරුදු කුමරා ලෙස මෙවර තේරී පත් වූයේ  මලීෂ දිල්ෂාන්.

ITN අවුරුදු කුමරා සහ කුමරිය තරගයේ තුන්වන ස්ථානය දිනාගත්තේ හිමාෂා කැල්ලපත.

මෙහි දෙවන ස්ථානය මහේෂි මධුරංගි දිනාගත්තා.

මෙවර ITN අවුරුදු කුමරිය බවට පත් වූයේ නිර්මාණි නිකපිටියයි.

ඇයට කිරුළු පැලදවීම සිදු කෙරුණේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

ස්වාධීන රූපවාහීනී වැඩසටහන් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සරත් කුමාර පෙරේරා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2023 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්