අධ්‍යාපනය සඳහා වන ආයෝජන වැඩි කිරීමට රජය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරනවා.
ලෝක බැංකුව සංවිධාන කළ සැසිවාරයේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
අධ්‍යාපනය සඳහා වැඩි වැඩියෙන් ඵලදායි රාජ්‍ය වියදම් රටේ අත්දැකීම්වලින් උගත් පාඩම් යන මැයෙන් ලෝක බැංකුව මෙම සැසිය සංවිධාන කර තිබුණා.
සැසියට එක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සියලු අංශ ඇතුළත් ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම වෙනුවෙන් අධ්‍යාපනය සදහා ආයෝජන වැඩි කරන බවයි.
ආර්ථික සංවර්ධනය සඳහා මානව ප්රාග්ධනයේ කාර්යභාරය මැනවින් හඳුනාගෙන තිබෙනවා.
අධ්‍යාපනය සේවා නියුක්තිය , ඵලදායිතාව සහ ආදායමකෙරෙහි මෙන්ම සාර්ව ආර්ථික හා සමාජ සංවර්ධනය සදහා වන බලපෑම තුළින් පුද්ගල යහපැවැත්ම සඳහා තීරණාත්මක බලපෑමක් සිදු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.