ඇමෙරිකාව අසරණ කරමින් රහස්‍ය ලේඛන අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයාට වසර 15ක සිර දඬුවම්
Related Articles
ඇමෙරිකාව අසරණ කරමින් රහස්‍ය ලේඛන අන්තර්ජාලයට මුදාහැරීම සිදු කළ සැකකරුට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණා.
21 හැවිරිදි මෙම සැකකරු ඇමෙරිකා ගුවන් හමුදාවේ ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයෙක්.
එෆ් බී අයි නිලධාරීන් මොහු අත්අඩංගුවට ගෙන බොස්ටන් අධිකරණයට ඉදිරිපත් කළා.
ඒ අනුවයි සිර දඬුවම් නියම කෙරුණේ.
ඇමෙරිකා රජයේ රහසිගත ආරක්ෂක තොරතුරු සම්ප්‍රේෂණය කිරීම අපරාධයක් බවට පත් කර ඇති ඔත්තු බැලීමේ පනත යටතේයි මොහුට එරෙහිව නඩු පවරා තිබෙන්නේ.
ඔහු අන්තර්ජාලයට එක් කළ රහස්‍ය දත්ත තුළ යුද උපක්‍රම පිළිබඳ තොරතුරුද ඇතුළත්.
එමෙන්ම ඇමෙරිකාවට මිත්‍ර හා මිත්‍රශීලී නොවන රටවලට අදාළ තොරතුරුද මෙම ලේඛනවල ඇතුළත් වුණා.