fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුත් අවුරුද්දට නෑගම් යනකොට ත්‍රීරෝද රථය ගිනි අරන්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2023 06:05

අලුත් අවුරුද්දට නෑගම් යනකොට ත්‍රීරෝද රථය ගිනි අරන්

ඊයේ දිනට යෙදී තිබුණ අලුත් අවුරුද්දට නෑගම් යමින් සිටි පිරිසක් රැගත් ත්‍රීරෝද රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්වී තිබෙනවා.

ගින්නෙන් ත්‍රීරෝද රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇති බවයි කළුතර දකුණ පොලීසිය සඳහන් කළේ.

රාගම ප්‍රදේශයේ පදිංචි පිරිසක් අගලවත්ත ප්‍රදේශයට නෑගම් යමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

පුද්ගලයින් 04 දෙනෙකුගෙන් යුත් පවුලක් ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටියදී කළුතර කටුකුරුන්ද හන්දියේ දී හදිසියේම ගින්න ඇතිවී තිබෙනවා.

ගින්නෙන් එහි ගමන් ගත් කිසිවෙකුට අනතුරක් සිදුවී නොමැති අතර ඔවුන් රථයෙන් පැන දිවි බේරාගෙන තිබුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2023 06:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්