fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උත්සව සමයට කැවිලි කන්න කලින් සෞඛ්‍ය ගැන වැඩිපුර හිතන්න

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2023 05:50

උත්සව සමයට කැවිලි කන්න කලින් සෞඛ්‍ය ගැන වැඩිපුර හිතන්න

බෝ නොවන රෝග තත්ත්වයන්ගෙන් හැකි තාක් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දෛනිකව මිනිස් ශරීරයට අවශ්‍ය කැලරි ප්‍රමාණය ඉක්මවන ආහාර වර්ග ලබා ගැනීම බෝ නොවන රෝගී තත්ත්වයන්ට ප්‍රධාන හේතුවක් වන බව විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසා සිටියේ ය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ශරීරයට පිළිවෙලකට දෛනිකව ව්‍යායාම සිදු කර අනවශ්‍ය කැලරි දහනය කිරීමට අවශ්‍ය බව ය.

ඒ අනුව වැඩිහිටියෙක් නම් දිනකට පැය භාගයක් හෝ ව්‍යායාම සිදු කිරීම කළ යුතු ය.

විශේෂයෙන්ම උත්සව සමයේ මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසට සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2023 05:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්