fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පරදවා ගුජරාට් ටයිටන්ස් කන්ඩායම ජය ගනී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2023 17:22

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පරදවා ගුජරාට් ටයිටන්ස් කන්ඩායම ජය ගනී

ඉන්දීය ප්‍රීමියලීග් ක්‍රිකට් තරගාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර පැවති තරඟය කඩුලු 6 කින් ජය ගැනීමට ගුජරාට් ටයිටන්ස් කන්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8 ක් දැවී ලකුණු 153 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5කදී කඩුළු 4ක් පමණක් දැවී තිබියදී තරගයේ ජය හිමිකර ගත්තා.

ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ ශුග්මන් ගිල් පන්දු 49කදී ලකුණු 67ක් ලබා ගැනීමට සමත්වුණා.

ඉන්දීය ප්‍රිමියලීග් තරගාවලියේ තවත් තරඟයක් අද රාත්‍රියේ පැවැත්වෙනවා.

ඒ කොල්කටා නයිට්රයිඩස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2023 17:22

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්