fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිකරණ ඇමතිගෙන් පොලිස්පතිට නියෝගයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2023 16:42

අධිකරණ ඇමතිගෙන් පොලිස්පතිට නියෝගයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට එරෙහිව වන්දි අයකර ගැනීම සදහා වන අධිකරණ ක්‍රියාමාර්ග නොගැනීමට අල්ලස් ලබා දී ඇතැයි ලැබුණු තොරතුක් මත ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන අරඹන්නැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග නොගැනීමට ඇමෙරිකා ඩොලර් මිලියන  250ක අල්ලසක් ලබා දුන් බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

එම මුදල ලන්ඩනයේ බැංකු ගිණුමකට නෞකාවේ රක්ෂණ සමාගමක් මගින් බැර කර ඇති බවටද තොරතුරු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත ලැබී තිබෙනවා.

ඒ අනුව එම තොරතුරුවල සත්‍ය අසත්‍ය භාවය සොයා බැලීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසයි අමාත්‍යවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2023 16:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්