fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ITN සූර්ය මංගල්‍යය අදත් කළුවාමෝදර මොරගල්ල වෙරළ තීරයේදී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2023 06:24

ITN සූර්ය මංගල්‍යය අදත් කළුවාමෝදර මොරගල්ල වෙරළ තීරයේදී

ITN සූර්ය මංගල්‍යය කළුවාමෝදර මොරගල්ල වෙරළ තීරයේදී අදත් පැවැත්වෙනවා. ඊයේ දිනයේදී තරග ඉසව් කිහිපයක්ම පැවැත්වුණේ ජනතා සහභාගීත්වය ද ඇතිවයි.

සහෘද ප්‍රේක්ෂක ජනතාවට නවුම් ආස්වාදයක් ලබා දෙමින් මෙවර ITN සූර්ය මංගල්‍යය කළුවාමෝදර මොරගොල්ල වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

පියල් නිශාන්ත පදනම , බේරුවල ප්‍රාදේශීය සභාව හා බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

ඊයේ දිනයේදී ගම හරහා දිවීම ඇතුළු තරග ඉසව් රැසක් පැවැත්වුණේ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වය ඇතිවයි.

අද දවස පුරාද වැඩසටහන් රැසක් මෙම වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

ITN අවුරුදු කුමරා සහ කුමරිය තේරීමද අද පැවැත්වෙන තරග ඉසව් අතරට ඇතුළත්.

එමෙන්ම ටෙලි තරු රැල්ලේ අවුරුදු මංගල්‍යයද ඊට ඇතුළත් වනවා.

මේ අතර අලුත් අවුරුදු නැකැත් මංගල්‍ය සජීවීව ගෙන ඒමටයි ස්වාධීන  රූපවානිය කටයුතු කර ඇත්තේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2023 06:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්