ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා ඇති තහනම ඉවත් කෙරේ
Related Articles
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ඊයේ (12) දින ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ඉදිරි මාස 06 සඳහා ස්ථාවරකරණ කමිටුවක් පත් කර තිබෙනවා.
එමෙන්ම 2022 අප්‍රේල් 01 වන දින නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමෙන් අනතුරුව රග්බික්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කරන්නා වූ ධනාත්මක කරුණු සැළකිල්ලට ගෙනඅප්‍රේල් 12 දිනMOYS/MIN/AR/R-03 අංකය යටතේ අමාත්‍යවරයා විසින් යවන ලද ලිපිය ට යහපත් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ රග්බි සම්මේලනය වෙත පනවා තිබූ තහනම ඉවත් කළ බවත්, පූර්ණ සාමාජිකත්වය ලබා දුන් බවත් ආසියානු රග්බි සම්මේලනයේ සභාපති ක්යිස් අල් දලායි මහතා (Mr.Qais al Dhalai) විසින්ලිපියක් මගින් අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා.
මෙය ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත් තීරණයන්හි එක් ජයග්‍රහණයක් පමණක් බවත්, පසුගිය වසර 10 තුළ පසුබසිමින් පැවතගෙන ආ ප්‍රධාන ක්‍රීඩාවන් ඇතුලු සියලුම ක්‍රීඩා වංචාවෙන් හා දූෂණයෙන් තොර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සමගින් ජාත්‍යන්තරය ඉදිරියේ රට කීර්තිමත්ව ජයග්‍රහණ කරා යාමට සුදුසු පරිසරය නිර්මාණය කරන බවත් ප්‍රකාශ කළා.
මෙම තහනම ඉවත් කිරීම නිසා ඉදිරියේ දී ආසියානු රග්බි ගරඟාවලියට එක් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වීම රටක් ලෙස අපි ලබාගත් මහගු ජයග්‍රහණයක් බවත් තමන්ගේ ඉල්ලීමට ඉතා කඩිනමින් ප්‍රතිචාර දක්වමින්, ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් තමන් ගෙන යන වැඩපිළිවෙල අගය කරමින් ශ්‍රී ලංකාවේ රග්බි තහනම ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්යිස් අල් දලායි මහතාට (Mr.Qais al Dhalai) හා එහි විධායක සභිකයින්ට හෘදයාංගම ස්තූතිය පුද කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.