යෝජිත ත්‍රස්ත විරෝධී පනත ගැන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරය හා යෝජනා අධිකරණ අමාත්‍යවරයාට භාර දෙයි
Related Articles
යෝජිත ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරය හා ඊට අදාළ යෝජනා අධිකරණ අමාත්‍යවරයාට භාරදීමට කටයුතු කෙරුණා.
මේ වන විට කෙටුම්පත් කර ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ යෝජනා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට මේ වන විට ලිඛිතව යොමු කර තිබෙනවා.
එම සංවිධානයේ නියෝජිත පිරිසක් හා සිවිල් සංවිධාන නියෝජනය කරමින් සැදුම් ලත් කණ්ඩායමක් අමාත්‍යවරයා හමු වී කළ සාකච්ඡාවේදී මේ පිළිබඳ කරුණු දැක්වීම සිදු කළා.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පෙන්වා දී ඇති මූලික කරුණ වන්නේ මෙවැනි පනතක් සම්මත කර ගැනීමේදී ත්‍රස්තවාදය පිළිබඳව පැහැදිලි ලෙස නිර්වචනය කර ඊට අදාළ විධිවිධාන පැනවීම සිදු කළ යුතුව ඇති බවයි.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති භාෂණයේ සංවිධානය වීමේ හා රැස්වීමේ මූලික සහ සිවිල් අයිතිවාසිකම්වලට එමගින් සීමාවක් නොකළ යුතු බවයි.
එමෙන්ම ත්‍රස්ත විරෝධී ක්‍රියාවකට සම්බන්ධ යැයි චෝදනාවක් සම්බන්ධයෙන් කෙරෙන රඳවා ගැනීම් පිළිබඳ අධිකරණය සතු වගකීම පූර්ණ වශයෙන් සහතික කිරීම අත්‍යවශ්‍ය බවද එමගින් පෙන්වා දී තිබෙනවා.
මීට අමතරව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ එක්ස් කොටස මගින් මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන යටතේ සකස් කර ඇති හදිසි නීති රෙගුලාසි මගින් පමණක් දැනට කළ හැකි සංවිධාන තහනම් කිරීම, ස්ථාන තහනම් කිරීම ලෙස ප්‍රකාශ කිරීම යනාදිය විධායකයට කළ හැකියි.
එම කොටස ඉවත් කර හදිසි නීති යටතේ එම ක්‍රියාවන් පාර්ලිමේන්තුවේ සංචරණ හා තුලනයන්ට යටත් කරන ලෙසයි සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටින්නේ.