ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් ජපානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්
Related Articles
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අවභෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සමූහයක් වන පැසෝනා සමූහය එළඹ තිබෙනවා.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ජපන් නිල සංචාරය අතරවාරයේදී Awaji Island හි “Wave Riding Festival” රඟහලේදී මෙම අවභෝධතා ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය සහ පැසෝනා සමූහය අතර මෙම අවභෝධතා ගිවිසුමට අත්සන් කර තිබෙනවා.
මෙම අවභෝධතා ගිවිසුමට අනුව රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බදවාගැනීමට අපේක්ෂිත ජපන් ආයතනවලට අවශ්‍ය ස්ථානීය බඳවා ගැනීම් සඳහා පැසෝනා සමූහය සිය සහාය ලබාදෙයි.
ඊට අමතරව ජපානයේ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවශ්‍ය සහාය ලබාදීමට පැසෝනා සමූහය කටයුතු කරනු ලබයි.
මෙම අවභෝධතා ගිවිසුම අනුව ජපන් ආයෝජකයින් ආකර්ශනය කරගැනීම සදහා පැසෝනා සමූහය විසින් ආයෝජන සම්මන්ත්‍රණ සහ ආයෝජන උපදේශන පැවැත්වීමට නියමිතයි.
ඒ අතරම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා සංචාරක ක්ෂේත්‍රෙය් රැකියාවල නියුතු වෘත්තිකයින්ගේ කුසලතා සහ පුහුණුව වැඩි දියුණු කිරීම සඳහා වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, ජපන් සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීම සදහා වන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් නියමිතයි.
නිදහසෙන් පසුව ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ස්ථාවර රටක් ගොඩ නැගීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවත් අවභෝධතා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවා.
මෙම අර්බුදය රටේ ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් බවත්, මෙවැනි අර්බුද යළිත් ඇති නොවීම සදහා අවශ්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ මේ වන විට සිදු කරමින් තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී කාර්යක්ෂම ශ්‍රම බලකායක් වර්ධනය කිරීම සඳහා ජපානය ඇතුළු ලොව පුරා ප්‍රශස්ත භාවිතාවන් අධ්‍යයන කරමින් ශ්‍රමිකයින්ට නම්‍යශීලීව, අර්ධකාලීන සහ බහුවිධ රැකියා කිරීමට අවස්ථාව ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවසුවා.
ජපානයේ මානව සම්පත් පිළිබඳ ප්‍රමුඛයෙක් වන පැසෝනා සමූහය සමඟ එක්වීම ශ්‍රී ලංකාවවට ඓතිහාසික දිනයක් බවත්, මෙම හවුල්කාරීත්වය රටවල් දෙකටම විවිධ ක්ෂේත්‍රවල අනොන්‍ය ප්‍රතිලාභ අත්කර දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම අවස්ථාව සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ උපදේශක ශාන් යහම්පත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ නීතීඥ සමින්ද ජයසේකර, ජපන් – ශ්‍රී ලංකා රැකියා සම්බන්ධයෙන් වන විශේෂ නියෝජිත ආචාර්ය රුවන් පෙරේරා යන අය එක්ව සිටියා.